Arduino Programming සිංහලෙන් 04 - Conditional Statements - if, if-else..

අර්ඩුයිනෝ වල තවත් එක් වැදගත් කොටසක් වන Conditional Statements ගැන මෙම විඩියෝ එකෙදී කාථා කරනවා. මෙහිදි if, if-else, if-else-if යන භාවිතයන් පිලිබදව උදාහරණ සහිතව ඉගන ගැනිමට ඔබට ආවස්ථා හිමි වේ.

Arduino Programming වල මුලික වුව්‍යහය සහ variables ගැන හොඳ දැනුමක් ඇති කියල හිතනවා. මේ පාඩමෙන් කියල දෙන්න යන්නේ programming වලදී අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන control structures ගැන. එහෙමත් නැත්තම් conditional statements ගැන.

if…

බොහෝ විට satetment එකක් හරි හෝ වැරදි නම් වෙන්න අවශ්‍ය ක්‍රියාවකට අපි if condition පාවිච්චි කරනවා. මේකේ structure එක මෙන්න මේ වගේ ක්‍රම කිහිපයකට පාවිච්චි කරන්න පුළුවන්..

if( CONDITION ) Statement;
if( CONDITION )
    Statement;
if( CONDITION ){
    //Statements
}

මේකේ condition එක අනිවාර්යෙන් boolean එකක් වෙන්න ඕනෙ. ඒ කියන්නේ true or false වෙන්න ඕනෙ. condition එක check කරන ඒවාට අපි කියනවා comparison operators කියල. ඒවා ගැන ඉදිරි පාඩම් වලදී ඉගෙන ගමු

if( x > 20 ){
    digitalWrite(13, HIGH);
}
if( name == "ARDUINO" ){
    Serial.println("Your Name is Arduino");
}
if( value != 10 ){
    digitalWrite(13, LOW);
}

if…..else

if condition එකෙන් හැම වෙලේම වෙන්නේ condition එක true නම් statements වැඩ කරන එක.  මේ condition එකම false වුනොත් වෙන්න ඕන දේ අපිට else එකක් ගෙන කරන්න පුළුවන්. else එකේ structure එක මේ වගේ.

if( CONDITION ){
    //statements if true
}else{
    //statements if false
}

ඒ වගේම අපිට ඕනෙනම් condition දෙක තුනක් check කරන්න else if පාවිච්චි කරන්න පුළුවන්.

if( CONDITION 1 ){
     // statements if condition 1 true
}else if( CONDITION 2 ){
     // statements if condition 2 true
}else if( CONDITION 3 ){
     // statements if condition 3 true
}else{
     // statements if all are false
}

මේකෙදි program එක compile වෙන්නේ උද ඉදල යටට. ඒ හින්ද මුලින්ම තියෙන condition එක true වුනොත් අනිත් ඒවා නොසලකා හරිනවා.

int value = 15;
if( value > 20 ){
    digitalWrite(10, HIGH);
}else if( value > 10 ){
    digitalWrite(11, HIGH);
}else if( value > 5 ){
    digitalWrite(12, HIGH);
}else{
    digitalWrite(13, HIGH);
}

What's Your Reaction?

like
7
dislike
0
love
6
funny
1
angry
0
sad
0
wow
3