Arduino ප්‍රායෝගිකව භාවිතා කරමු - LED Blink

අපි මේ පාඩමේදී ඉගෙනගන්නේ Arduino programming භාවිතයෙන් LED Blink කේතයක් නිර්මාණය කරගන්නා ආකාරයයි

අපි අපේ කලින් පාඩම් වලදී සාකච්ඡා කලා Arduino වල Basics සහ Programming concepts ගැන. අපි මෙතනින් ඉදිරියට සාකච්ඡා කරන්නේ මේ Arduino භාවිතා කරලා ප්‍රායෝගිකව වැඩ කරන්නේ කොහොමද කියලා. 

අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ Arduino Programming භාවිතයෙන් LED එකක් Blink කරන්න code කරන විදිහ.

අපි මුලින්ම arduino හි පවතින signal වර්ග ගැන ඉගෙන ගනිමු.

  1. Digital Signal 
  2. Analog Signal

Digital Signal

    

මේ තියෙන්නෙ digital signal එකක් ඔයාලට පේනවා මේ signal එකේ තියෙන්නේ අවස්ථා 2 යි .digital signal එකක තියෙන්න පුලුවන් HIGH එහෙම නැත්තම් 1 කියන අවස්ථාවයි , LOW එහෙම නැත්තම් 0 කියන අවස්ථාවයි පමණයි .

ඉහත ප්‍රස්තාරයෙන් නිරූපණය කරන්නෙ එම අවස්ථා 2 එකදිගට signal එකක් ලෙසට ගමන් කරන අවස්ථාවක්. 

උස් ස්ථාන වලින් 1 අවස්ථාව නිරූපණය කරනවා ඒ වගේම පහත් ස්ථාන වලින් 0 අවස්ථාවත් නිරූපණය කරනු ලබනවා.

Analog Signal  

මේ තියෙන්නෙ Analog signal එකක් මෙතන ඔයාලට පේනවා මේ signal එකේ අගය කාලයත් එක්ක වෙනස් වෙනවා. එනිසා අපිට Analog signal එකක අගය විදිහට ඕනෑම අගයක් ගන්න පුලුවන් . මේ කොලපාට wave එකෙන් පෙන්නලා තියෙන්නේ අපේ Signal එක. 

ක්‍රියාකාරකම 1 - LED Blink

  අපි දැන් අපේ පරිපථය නිර්මාණය කරගනිමු. අපි මෙම පරිපථයේදී භාවිත කරන පින් වනුයේ , 

LED Positive pin  pin 13
LED Negative pin GND pin

   

Sketch 1.1

දැන් අපි arduino භාවිතයෙන් මේ program එක code කරමු .

කේත පැහැදිලි කිරීම

මෙතනදී ඔයාලා මුලින්ම මේ Arduino program එකක මූලික කොටස් පිලිබඳව ඉගෙනගත යුතුය. Arduino program ප්‍රධාන කොටස් 2ක් පවතී . 

    1. void setup() 
    2. void loop() 

මෙම කොටස් පිලිබඳව තවදුරටත් ඉගෙන ගැනීමට අපේ  Arduino Programming සිංහලෙන් 01 - Program Structure පාඩම කියවන්න. 

දැන් අපි මෙහි ඇති අනෙකුත් කේත එකින් එක විස්තරාත්මකව බලමු.

PinMode (13, OUTPUT);

මෙම code එකෙදී සිදුකරනුයේ අපි ඊලඟට ලබාදෙන උපදෙස් ක්‍රියාත්මක කිරීමට 13 වෙනි පින් එක සකස් කිරීමයි. එනම් මෙම code එක මගින් 13 වෙනි පින් එක output පින් එකක් බවට පත් කරනු ලැබේ.

මෙම කේතය ලියනු ලබනුයේ  void setup() එක තුලය.

digitalWrite (13, HIGH);

මෙතනින් පසු කේත සියල්ල පවතිනුයේ void loop() එක තුලය.

මෙම code එක මගින් 13 වෙනි පින් එක HIGH (1) කරනු ලබයි. එවිට එම පින් එකෙන් 5V output කරනු ලබයි.

එවිට LED එක on වේ.

delay (1000);

මෙම code එක මගින් program එක පෙර පියවරේ තප්පරයක (මිලිතප්පර 1000) කාලයක් තබනු ලබයි  

මෙවිට LED එක තප්පරයක කාලයක් පුරාවට on වී තිබේ .

digitalWrite (13, LOW);

මෙම code එක මගින් 13 වෙනි පින් එක LOW (0) කරනු ලබයි. එවිට එම පින් එකෙන් කිසිම විදුලියක් output නොවේ.

එවිට LED එක off වේ.

delay (1000);

මෙම code එක මගින් program එක පෙර පියවරේ තප්පරයක (මිලිතප්පර 1000) කාලයක් තබනු ලබයි  

මෙවිට LED එක තප්පරයක කාලයක් පුරාවට off වී තිබේ .

මේ program එක එකදිගට loop වෙනකොට තමයි ඔයලට LED එක Blink වෙනවා වගේ පෙනෙන්නේ. 

දැන් ඔයලා මේ program එකේ blink rate එක වෙනස් කරන්න උත්සහ කරල බලන්න. ඔයාලාට එන ගැටලු comment section එකෙන් අපිට එවන්න. අපි ඒවා විසදගන්න උදව් කරන්නම්.

What's Your Reaction?

like
0
dislike
0
love
2
funny
0
angry
0
sad
0
wow
0