Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු - Part I

අපි කලින් lesson එකෙදි මේ Mixly IDE එක ගැන මුලික හැදිවීමක් කරනු ලැබුවා. මෙම lesson එකෙදී අපි Mixly IDE එකේ Blocks ගැන සොයාබලමු. Introduction lesson එක කියවා නැත්නම් එය කියවීම සඳහා මෙම link එක click කරන්න

Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු -  Part I

අපි කලින් lesson එකෙදි මේ Mixly IDE එක ගැන මුලික හැදිවීමක් කරනු ලැබුවා. මෙම lesson එකෙදී අපි Mixly IDE එකේ Blocks ගැන සොයාබලමු. Introduction lesson එක කියවා නැත්නම් එය කියවීම සඳහා මෙම link එක click කරන්න

පොඩ්ඩන්ට අර්ඩුයිනෝ ඉගන ගන්න Mixly IDE එක භාවිතා කරමු   

Mixly IDE හි පවතින Blocks පිළිබඳව සොයාබැලීමේදී අපිට මුලින්ම හමුවන කොටස වන්නේ Mixly IDE හි පවතින Blocks pallete එකයි . එය ඔබේ IDE window එකෙහි වම්පසින් පහත ආකාරයෙන් දැකිය හැකිය.

එහි අපිට ප්‍රධාන මාතෘකා 16 යටතේ Blocks දැක ගන්න පුලුවනි . එම මාතෘකා වන්නේ ,

  • In/Out
  • Control
  • Math
  • Text
  • List
  • Logic
  • SerialPort
  • Communicate
  • Sensor
  • Acuator
  • Monitor
  • Variables
  • Functions

මෙම මාතෘකා වලට අමතරව යම් කාර්යයක් වෙනුවෙන්ම යොදගන්නා Blocks අඩංගු වන මාතෘකා 3 ක්ද එහි පවතී. ඒවා නම්,

  • BlynkIOT
  • Carcontrol
  • Saynum

දැන් අපි මෙම එක් එක් මාතෘකා යටතේ පවතින Blocks පිලිබඳව වෙන වෙනම සොයාබලමු.

IN/Out

මෙම මාතෘකාව තුලදී අපට හමුවෙන Blocks අප ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ Arduino බෝර්ඩ් එකෙන්  සංඥාවක් පිටතට යැවීමට හෝ පිටතින් ලැබෙන සංඥාවක් කියවීමටයි . පහත Blocks මෙහිදී බහුලව භාවිතා වේ.

අපි අපගේ Sketch තුලදී භාවිත කරන පින් INPUT හෝ OUTPUT ලෙස සැකසීමට මෙය භාවිතා වේ. මෙම Block එකේ ඇති INPUT ලෙස දැක්වෙන කොටස dropdown menu එකක් වන අතර එහි අගය ලෙස INPUT හෝ OUTPUT යන්න තෝරාදිය හැක.

මෙම Block එක භාවිත කරනුයේ අප ලබා දෙන සංඥාව HIGH(1) ලෙස හෝ  LOW(0) ලෙස සැකසීමටයි.මෙහිද dropdown menu එකක් පවතින අතර එහි අගය ලෙස HIGH ලෙස හෝ  LOW ලෙස ලබාදිය හැකිය .

මෙම Block එක මගින් කරනුයේ තෝරාගත් පින් එකක් මගින් ඩිජිටල් සංඥාවක් නිකුත් කිරීමයි . එසේම HIGH ලෙස හෝ  LOW ලෙස එහි අගය සකසයි.එසේම මෙහි පින් එකෙහි අංකය භාවිත කරන පින් එකට  වෙනස් කරනු ලබයි.

මෙම Block එක මගින් කරනුයේ තෝරාගත් පින් එකක් වෙත ලැබෙන ඩිජිටල් සංඥාවක අගය කියවා ගැනීමටයි .එසේම මෙහි පින් එකෙහි අංකය භාවිත කරන පින් එකට අනුව වෙනස් කරනු ලබයි.මෙම අගය ඩිජිටල් බැවින් ලැබෙන අගය සෑමවිටම 1 හෝ 0 වේ .

මෙම Block එක මගින් කරනුයේ තෝරාගත් පින් එකක් මගින් ඇනලොග් සංඥාවක් නිකුත් කිරීමයි . එසේම එහි අගය ඔබට කැමති අගයකට සකස් කල හැක. ඉන්පසු ඔබ ලබාදෙන අගයට සාපේක්ෂව එම පින් එකෙන් ඇනලොග් වෝල්ටීයතාවක් පිටතට නිකුත් කරයි.

මෙම Block එක මගින් කරනුයේ තෝරාගත් පින් එකක් වෙත ලැබෙන ඇනලොග් සංඥාවක අගය කියවා ගැනීමටයි .එසේම මෙහි පින් එකෙහි අංකය භාවිත කරන පින් එකට අනුව වෙනස් කරනු ලබයි. මෙම අගය ඇනලොග් වන නිසා මෙමගින් ලැබෙනුයේ 0 සිට 1023 අතර අගයකි.

 මෙම Block එක භාවිත කරනුයේ අප දත්ත කියවීමට යොදාගන්නා පින් එක දිගු වේලවක් HIGH අවස්ථාවේ පවත්වාගත යුතු අවස්ථාවලයි .

අප Ultrsound Sensors භාවිත කරන විට මෙම Block එක වැඩි වශයෙන් භාවිත කරයි.

Control

මෙම මාතෘකාව තුලදී අපට හමුවෙන Blocks අප ප්‍රධාන වශයෙන් භාවිත කරනුයේ අපගේ වැඩසටහන තුල සිදුවන ක්‍රියා පාලනය කිරීමටයි. පහත දැක්වෙන Blocks මෙහිදී බහුලව භාවිතා වේ.

අපගේ වැඩසටහන ආරම්භ කිරීමට භාවිත කරයි .මෙම Block එක තුල  අඩංගු වනුයේ ඔබට Void Setup() ශ්‍රිතය තුල තිබීමට අවශ්‍ය උපදෙස්‍ ය.

 මෙම block එක වැඩසටහන අවසන් කිරීමට භාවිත කරයි. එනම් end block එක යෙදීමෙන් පසු වැඩසටහනේ ක්‍රියාකාරීත්වය නතර වේ. 

මෙමගින් Delay ශ්‍රිතය ක්‍රියාත්මක කරනු ලබයි මෙහි ms මත click කලවිට ඔබට අවශ්‍ය නම් MS (Mili seconds) හෝ US (Micro seconds) යන්න  තෝරාදිය හැක.එසේම මෙහි කාලය ලෙස ඔබට කැමති කාලයක් ලබාදිය හැක.

මෙහිදී සිදුවනුයේ ඔබ ලබාදෙන කාලයක් වැඩසටහන එම පියවරේම නවතා තැබීමයි. 

 මෙම block එක මගින් if-do ශ්‍රිතය ක්‍රියාත්මක කරයි.

if-do ශ්‍රිතය තුලදී සිදුවනුයේ ඔබ ලබාදී ඇති කොන්දේසිය සත්‍යය නම් පමණක් ඔබ ලබාදී ඇති උපදෙස් ක්‍රියාත්මක කරයි. කොන්දේසි ලබාදෙන ආකාරය පිලිබඳව අපි Logic මාතෘකාව යටතේ තවදුරටත් කතාකරමු.


මෙහි ඇති නිල් ගියර් අයිකනය මත ක්ලික් කළ විට ඔබට මෙම බ්ලොක් එකට Else හෝ  Elseif කොටස් එකතු කර ගතහැක.

මෙමගින් switch case ශ්‍රිතය ඔබට භාවිත කල හැකිය. එසේම නිල් ගියර් අයිකනය ක්ලික් කළ විට ඔබට මෙම block එකට Case block එක සහ  Default block එකතු කර ගැනීමට හැකිය.

මෙහිදී සිදුවනුයේ ඔබට කොන්දේසි කීපයක් ලබාදිය හැකි අතර ඒ ඒ කොන්දේසි සත්‍ය වන විට ඔබ ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වීමයි.

EX:- සංඛාව 75 වඩා වැඩි නම් best ලෙසද , සංඛාව 55 වඩා වැඩි නම් good ලෙසද, නැත්නම් fail ලෙසද දර්ශනය කිරීම   

මෙම block එක මගින් ඔබට For Loop ශ්‍රිතය භාවිත කල හැක.

මෙම block  එක තුලදී යම් විචල්‍යක් නිශ්චිත සංඛ්‍යා පරාසයක් තුල නිශ්චිත  ප්‍රමාණයකින් වැඩි කරමින් ලබාගත හැක. 

EX:- 1 සිට 10 දක්වා සංඛ්‍යා දෙකෙන් දෙක වැඩි කරමින් ලබාගැනීම  

මෙම block එක මගින් ඔබට while Loop ශ්‍රිතය භාවිත කල හැක.

මෙහිදී සිදුවනුයේ ලබාදුන් කොන්දේසියක් සත්‍යව පවතිනතුරු  ඔබ ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක වේ . අසත්‍ය වූ විට ක්‍රියාත්මක වීම නතර වේ.   

EX:- ඔබ විසින් push button එකක් ක්‍රියත්මක කරගෙන සිටින තුරු බල්බයක් දැල්වී තිබීම සහ ඔබ එය අතහැරිය පසු බල්බය නිවීයාම.

මෙම block එක මගින් දැනට ක්‍රියාත්මක වන for , while වැනි loop වල  ක්‍රියාකාරීත්වය නතර කල හැක. 

දැන් ඔබට මෙම In/Out සහ Control මාතෘකා යටතේ පවතින blocks පිලිබඳ යම් කිසි දැනුමක් ලැබී ඇත . මේ පිලිබඳ දැනුම මෙම block ප්‍රායෝගිකව භාවිතයෙන් තවත් දියුණු කර ගත හැක. මෙම block භාවිතයෙන් mixly IDE එක මගින් වැඩසටහන් සකසා ගන්නා ආකාරය පිලිබඳ ඉදිරි පාඩම් වලදී ඔබට ඉගෙන ගත හැකිය.  

මෙම lesson එක තුලදීම සියලුම blocks පිලිබඳ සාකච්ඡා කිරීමෙන් මෙය බොහෝ දීර්ඝ වන නිසා අනෙකුත් blocks පිලිබඳ Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු -  Part II තුලදී අපි සාකච්ඡා කරමු.

    What's Your Reaction?

    like
    3
    dislike
    0
    love
    4
    funny
    1
    angry
    0
    sad
    0
    wow
    0