Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු - Part II

අපි පෙර පාඩමේදී Mixly IDE එකෙහි ප්‍රධාන Block මාතෘකා 2ක ඇති Block පිලිබඳව සාකච්ඡා කරනු ලැබුවා. අපි මෙම පාඩමේදී Mixly IDE එකෙහි පවතින අනෙකුත් Block පිලිබඳව විමසා බලමු.

Mixly IDE blocks ගැන ඉගෙන ගනිමු - Part II

අපි පෙර පාඩමේදී Mixly IDE එකෙහි ප්‍රධාන Block මාතෘකා 2ක ඇති Block පිලිබඳව සාකච්ඡා කරනු ලැබුවා. අපි මෙම පාඩමේදී Mixly IDE එකෙහි පවතින අනෙකුත් Block පිලිබඳව විමසා බලමු. 

Maths Blocks

මෙම Block ගණිත කර්ම සහ ඒ ආශ්‍රිත ක්‍රියාවන් සදහා භාවිතා වේ. 

 අංකයක් ලබාදීමට මෙම Block භාවිතා වේ. මෙහි 0 පවතින     ස්ථානයට ඔබට ඕනෑම   අංකයක්  ලබාදිය හැකිය.
 මෙය අංක දෙකක් එකතු කිරීම,අඩු කිරීම,වැඩි කිරීම,බෙදීම     වැනි    කාර්යන් සදහා භාවිතා   වේ.  

 මෙය තාර්කික කර්ම සදහා භාවිත වේ. මේහිදී පහත කර්මයන්   බහුලව භාවිතා වේ.

  • And කර්මය ( & )
  • Or කර්මය ( | )
    මෙමගින් කරනු ලබනුයේ එකිනෙකට වෙනස් අහඹු සංඛ්‍යා ලබාදීමයි.
 මෙය යම් කිසි සංඛ්‍යා පරාසයක් තුල අහඹු සංඛ්‍යා ලබාගැනීමට භාවිත කරයි.
 සංඛ්‍යා දෙකක් අතරින් විශාලතම සංඛාව සොයා ගැනිමට මෙය භාවිත වේ.

Text Blocks

අක්ෂර සහ වචන සමග ගනුදෙනු කිරීමේදී මෙම Blocks භාවිතා වේ.එහි ප්‍රධාන block කීපයක විස්තර පහතින් දැක්වේ.

 වචනයක් ලබාදීමට මෙය භාවිතා වේ. මෙහි "hello" ලෙසින්  පවතින ස්ථානයේ වචනය   ලබාදෙයි. මෙහි සංඛ්‍යාද ලබාදිය  හැකිය.නමුත් එම සංඛ්‍යා වචනයක් ලෙසින් පවතී. එමනිසා   ගණනය කිරීම සදහා යොදා ගත නොහැක.
 එක් අක්ෂරයක් පමණක් ලබාදීමට අවශ්‍ය වූ විට මෙය භාවිතා වේ. 

  වචන දෙකක් එකට එකතු කිරීමට මෙම Block එක භාවිත වේ. 

     උදාහරණ : hello සහ MIxly යන වචන දෙක එකට එකතු කලවිට helloMIxly පරිදි දැක්වේ.   

  වචනයක ඇති අක්ෂර ගණන හෙවත් වචනයක දිග මෙමගින් ලබාගත හැක.

   වචනයක ඇති අක්ෂර ඊට අදාළ අංකය මගින් වෙන් කර ලබාගත හැකිය. එහි පලවෙනි 

       උදාහරණය : hello යන වචනයේ 0 වෙනි අකුර h වේ.

                              hello යන වචනයේ 3 වෙනි අකුර l වේ.

Logic Blocks

තාර්කික කර්ම සදහා මෙම මතෘකාව යටතේ පවතින block භාවිතා වේ. එහි ඇති ප්‍රධාන block කීපයක විස්තර පහතින් දැක්වේ. මෙම block බොහෝවිට if , while , until වැනි වෙනත් block සමගින් භාවිතා වේ.   

 මෙය යම් කිසි අගයන් දෙකක් එකිනෙක සන්සන්දනය කිරීමට මෙය භාවිතා වේ. මේ යටතේ       ඔබට පහත ආකාරයට සන්සන්දනය කල හැකිය.

    • එකිනෙකට සමාන බව 
    • එකිනෙකට අසමාන බව 
    • එකිනෙකට විශාල බව 
    • එකිනෙකට විශාල හෝ සමාන බව 
    • එකිනෙකට කුඩා බව 
    • එකිනෙකට කුඩා හෝ සමාන බව 

 මේ යටතේ ඔබට තාර්කික සන්සන්දනාත්මක කර්ම සිදුකර ගත හැකිය. මේ යටතේ අපට   පහත සන්සන්දනාත්මක කර්ම භාවිත කල හැකිය.

    • AND කර්මය 
    • OR කර්මය

 ඒ පිලිබඳව වැඩි විස්තර මෙම block ප්‍රායෝගිකව භාවිතා කරන විටදී විමසා බලමු.

 මෙමගින් ඔබට ලැබෙන අගයේ ප්‍රතිවිරුද්ධ අගය ලබා ගත හැකිය. බොහෝවිට මෙය true ,     false සමගිනි භාවිතා වේ. 
 මෙය යම් කිසි සන්සන්දනාත්මක කර්මයකදී සත්‍ය(True) , අසත්‍ය(False) තාවය විමසා බලන     කොන්දේසි නිර්මාණයට භාවිතා වේ. 

Variables Blocks

විචල්‍යන් නිර්මාණය කිරීම සඳහා සහ ඒවා භාවිතා කිරීමේදී මෙම block භාවිත කරයි. මෙහිදී ඔබ නිර්මාණය කරනු ලබන සෑම විචල්‍යක් සඳහාම ආකාර දෙකකින් block නිර්මාණය වෙයි. එම block දෙකෙන්ම එකම කර්ය සිදුවන අතර ඔබට අවශ්‍ය ස්ථානය සදහා ගැලපෙන block එක භාවිතා කල හැකිය.

මේ යටතේ සාමාන්‍යයෙන් පවතින block වනුයේ ,

 යම් විචල්‍යක් නිර්මාණය කර ගැනීමට මෙය භාවිතා වේ. මෙහිදී විචල්‍යකට අනන්‍ය නමක් ලබාදිය හැකිය .එසේම එම විචල්‍යට ගැලපෙන දත්ත ප්‍රරූපයක් ලබාදිය යුතුය. මෙහි Arduino හි පවතින දත්ත ප්‍රරූපයන් සියල්ල අඩංගු වේ. 

ඔබ Arduino හි පවතින දත්ත ප්‍රරූප පිලිබඳව නොදනී නම් අපගේ Arduino හි පවතින දත්ත ප්‍රරූප  පාඩම අධ්‍යයන කරන්න.

 ඔබට යම් විචල්‍යකට වෙනම දත්ත ප්‍රරූප ලබාදීමට අවශ්‍ය විට මෙය භාවිත කරයි.
   මෙම block ආකාර 2 ඔබට ලැබෙනුයේ යම් කිසි විචල්‍යක් නිර්මාණය කලවිටය. ඉන්පසු ඔබට එය ඔබ කැමති අවස්ථාවකදී භාවිත කල හැක. අපි පෙර සදහන් කරනු ලැබූ ස්වයංක්‍රීයව නිර්මාණය වන block ආකාර 2 වනුයේ මෙම block 2 ය .

දැන් අපි Mixly IDE එකෙහි ප්‍රධාන මාතෘකා යටතේ පවතින blocks පිලිබඳ සාකච්ඡා කර අවසන්‍ ය. Mixly IDE එකෙහි තවත් blocks රාශියක් පවතී. නමුත් ඔබට මෙය ඒකාකාරී වන නිසා එම සෑම block එකක්ම පිලිබඳව අපි මෙහිදී සාකච්ඡා නොකරමු. එම block භාවිත වන අවස්ථාවන් වලදී ඒ එක් එක් block පිලිබඳව සාකච්ඡා කරමු .

අපි මෙතෙක් ඉගෙන ගත් block ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය දැක ගැනිමට පහත සටහන දෙස බලන්න.

මෙහි පවතිනුයේ LED බල්බයක් ක්‍රමයෙන් දල්වන ආකාරයයි. මෙම කේතය අපි මෙහිදී විස්තර කරනු නොලබයි .ඉදිරි පාඩමකදී එය සකසන ආකාරයත් සමගම කේතය පිලිබඳ විස්තර කරනු ලබයි. නමුත් ඔබ දැන් මෙහි භාවිතා වන block පිලිබඳව අධ්‍යයන කර අවසන් බැවින් තනියම එය තේරුම් ගැනිමට උත්සහ කරන්න.

Mixly IDE එක පිලිබඳව මූලික හැදින්වීම මින් අවසන් වේ. දැන් අපට ඇත්තේ එය ප්‍රායෝගිකව භාවිතා කිරීමටයි. නමුත් ඊට පෙර ඔබ මෙම block පිලිබඳව හොදින් අධ්‍යයන කර තිබීම අනිවාර්ය වේ. එසේනම් අපි ඊලඟ පාඩමේදී Mixly IDE එක Arduino බෝර්ඩ් එක සමග ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය පිලිබඳව විමසා බලමු. 

  

What's Your Reaction?

like
3
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0