Flowchart ගැන සරලව ඉගෙනගනිමු

අපි මේ කොටසේදී ඉගෙන ගනු ලබනුයේ programmer කෙනෙක් විදිහට අපි හැමෝම දැනගෙන සිටිය යුතු දෙයක් ගැන. අපි මේ පාඩමේදී කතා කරන්නේ Flowchart ගැන. 

අපි මේ කොටසේදී ඉගෙන ගනු ලබනුයේ programmer කෙනෙක් විදිහට අපි හැමෝම දැනගෙන සිටිය යුතු දෙයක් ගැන. අපි මේ පාඩමේදී කතා කරන්නේ Flowchart ගැන. 

අපි code එකක් මුලින්ම design කරනු ලබන්නේ Flowchart එකක් මගිනුයි. අපේ වැඩසටහන නිර්මාණය කර අවසන් වූ පසුත් මේ Flowchart මගින් විශාල කාර්යක් කරනු ලබයි . වැඩසටහන අවසන් වූ පසු එහි අලුත්වැඩියාවක් හෝ යවත්කාලීන කිරීමක් සිදුකිරීමට අවශය වූ විට අපිට මේ Flowchart එක අධ්‍යයන කර පහසුවෙන් එය සිදුකරන ආකාරය සොයා ගතහැක.

Flowchart යනු ?

ගැලීම් සටහනක්(Flowchart) යනු කාර්ය ප්‍රවාහයක් හෝ ක්‍රියාවලියක් නියෝජනය කරන රූප සටහනකි. ගැලීම් සටහනක් ඇල්ගොරිතමයක රූපමය සටහනක් ලෙස අර්ථ දැක්විය හැකිය, කාර්යයක් විසඳීම සඳහා සිදුකල යුතු දෑ පියවරෙන් පියවර එහි දක්වනු ලබයි. 

Flowchart හි ඇති ප්‍රධාන කොටස් 

 මෙය start/end සංකේතය යි . සෑම ගැලීම සටහනකම   ආරම්භයේදී සහ අවසානයේදී මෙම සංකේතය යෙදිය යුතුමය.  
 මෙය input සංකේතය යි. වැඩසටහනක් තුලදී අපි එයට දත්ත   ලබාදීමට input භාවිත කරන අවස්ථා දැක්වීමට මෙම සංකේතය   භාවිත කරයි. 
 මෙය process සංකේතයයි. අපි වැඩසටහනක් තුලදී සෑම විටම   සිදුකරනුයේ දත්ත සකස් කිරීමයි. එම process මෙම   සංකේතයෙන් නිරූපණය කල යුතුය. 
 මෙය decision සංකේතය යි. අපගේ වැඩසටහන තුලදී අපි තීරණ   ගන්නා අවස්ථා එනම් IF Condition භාවිත කරන අවස්ථා   නිරූපණයට මෙම සංකේතය භාවිත කරනු ලබයි.  

Flowchart අදිනු ලබන ප්‍රධාන ආකාරය

    1.  සරල අනුක්‍රමික ආකාරය (simple sequence) 
    2.  සරල තේරීම ආකාරය (simple decision)
    3. සරල පුනරාවර්තන ආකාරය (simple repetition)
    4. මිශ්‍ර ගැලීම සටහන් ආකාරය  

සරල අනුක්‍රමික ආකාරය (simple sequence) 

මෙතනදි මේ පෙන්නලා තියෙන්නෙ සරල අනුක්‍රමික ගැලීම සටහනකි. 

මෙතනදිත් අපි මුලින්ම start සංකේතය භාවිත කරල තියෙනවා.

ඊලඟට අපි A = 1 නමින්ද B = 1  නමින්ද විචල්‍යන් 2ක් නිර්මාණය කරගෙන තියනවා. අපි ගැලීම සටහන් තුලදී විචල්‍ය නිරූපණය කිරීමට යොදා ගනුයේද process නිරූපණයට කිරීමට ගන්නා සංකේතමයය . 

මෙහි 3 වන කොටස process එකකි . එමනිසා එය නිරූපණය කිරීමට process සංකේතය භාවිත කර ඇත.

4 වෙනි කොටසෙහි ඇත්තේ print c ලෙසය එනම් මෙය output එකකි . අපි ගැලීම සටහන් වලදී input සහ output දෙකම එකම් සංකේතය මගින් නිරූපණය කරයි. එමනිසා මෙහිදී output සංකේතය යොදා ගෙන ඇත.

ඉන්පසු අපගේ ගැලීම සටහන අවසන් බැවින් එය end සංකේතය භාවිත කර නිරූපණය කර ඇත.

මෙහි කේතය සහ මෙහි output එකද මෙහිදී පෙන්වා ඇත.

සරල තේරීම ආකාරය (simple decision) 

මේ සරල තේරීමක් සහිත ගැලීම සටහනක්. මෙහි සිදුවිය යුත්තේ සංඛ්‍යාවක් ලබාගෙන එම සංඛ්‍යාව 35 ට වැඩි නම් pass ලෙසද එසේ නොමැති නම් fail ලෙසද ප්‍රතිදානය කිරීමයි.

මෙහිදීත් අපි මුලින්ම අපගේ ගැලීම සටහන start සංකේතය මගින් ආරම්භ කරනු ලබයි. 

අනතුරුව Input සංකේතය භාවිත කර num නමින් දත්තයක් ආදානය කරනු ලබයි. 

ඉන්පසු තේරීම් (decision) සංකේතය භාවිත කර එම අදානය 35 ට වැඩිද යන්න විමසා බලයි. එයට අපි if condition භාවිතා කරයි.

ඉන්පසු මෙහිදී output දෙකක් වේ. මෙහි yes කොටස if then කොටසට සමාන වේ. එනම් කොන්දේසිය සත්‍ය නම් මෙහි yes කොටස ක්‍රියාත්මක කරනු ලබයි . එවිට අපිට pass නමින් ප්‍රතිදානයක් ලැබේ.

මෙහි no කොටස if else කොටසට සමාන වේ. එනම් කොන්දේසිය අසත්‍ය නම් මෙහි no කොටස ක්‍රියාත්මක වේ. එවිට අපිට fail නමින් ප්‍රතිදානයක් ලැබේ.

ඉන්පසු මෙම ගැලීම සටහන අවසන් වන බැවින් end සංකේතය මගින් මෙය අවසන් කරනු ලබයි. 

මෙහි කේතය සහ මෙහිදී වියහැකි output කීපයක් ද පෙන්වා ඇත.

සරල පුනරාවර්තන ආකාරය (simple repetition) 

මෙහි දැක්වෙනුයේ පුනරාවර්තන ආකාරයේ ගැලීම් සටහනකි. මෙහිද ප්‍රථමයෙන්ම start සංකේතය මගින් ගැලීම් සටහන ආරම්භ කර ඇත. 

ඊලඟට සෑමවිටම පුනරාවර්තනයකදී හෙවත් loop එකක්දී අපිට විචල්‍යක් අවශ්‍ය වේ. එම විචල්‍ය i = 0 ලෙසින් මෙහිදී දැක්වේ. ඒ සදහා process සංකේතය යොදාගෙන ඇත.

ඉන්පසු මෙහිදී තේරීම් (decision) සංකේතය භාවිත කර ඇත. නමුත් මෙහිදී එය භාවිත වනුයේ පෙර භාවිත කල ආකාරයට නොවේ. මෙහිදී එමගින් සිදුවනුයේ අපගේ loop ය සදහා කොන්දේසියක් ලබාදීමටය. එනම් while , for වැනි ක්‍රමවලදී භාවිත වන කොන්දේසියයි. එය සත්‍ය වන විට පමණක් loop ය ක්‍රියාත්මක වේ. එසේ නොවන විට no කොටසෙහි දී ඇති කේත ක්‍රියාත්මක වේ.

මෙහි loop ය තුලදී මුලින්ම දී ඇත්තේ output එකකි. එමගින් අපගේ විචල්‍යයේ අගය print කරනු ලබයි. එය නිරූපණය කිරීමට output සංකේතය භාවිත කර ඇත.

අනතුරුව ඇත්තේ process එකකි. එනිසා එය process සංකේතය මගින් පෙන්වා ඇත. 

අනතුරුව loop ය ක්‍රියාත්මක වී අවසන් වූ පසු ගැලීම සටහන අවසන් කිරීමට end යන්න යොදා ඇත.

මෙම ගැලීම සටහන නිර්මාණය කර ඇත්තේ 0 සිට 5 දක්වා ඇති ඉලක්කම් print කිරීමටයි.

ගැලීම සටහන් පිලිබඳ දැනගත යුතු මූලික අංග වන්නෙ එවාය. මෙම කොටස් තුන හොදින් පුහුණු වීමෙන් ඔබට ඕනෑම ගැලීම් සටහනක් නිර්මාණය කර ගත හැක.

             

What's Your Reaction?

like
0
dislike
0
love
1
funny
0
angry
0
sad
0
wow
0