Arduino Offline IDE එක ඉන්ස්ටෝල් කරගැනීම

Arduino.CC වෙබ් අඩවියේ සොෆ්ට්වෙයාර් පිටුව වෙත පිවිසුන විට ඔබට පහත ආකාරයේ කොටසක් දැකගන්න පුළුවන්. එහිදී ඔබට ඔබගේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියට ගැලපෙන පිටපත තෝරාගෙන ඩවුන්ලෝඩ් කරගත හැකියි. වින්ඩෝස්, ලිනක්ස්, මැක්ඕස් වලට ගැලපෙන සංස්කරණ මෙහි දක්වා තිබේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා මෙහි දැක්වෙන Windows Installer කියන එක ඔබට භාවිතා කරන්න පුළුවන්.

දැන් එය ඩවුන්ලොඩ් කර ගැනිමට මෙම ලින්ක් එක භාවිතා කරන්න. 

Download arduino IDE : https://www.arduino.cc/en/Main/Software

මෙහෙයුම් පද්ධතියට අදාල ගොනුව මත ක්ලික් කිරීමෙන් පසු පහත ආකාරයේ වෙබ් පිටුවක් දිස්වේ. එහි JUST DOWNLOAD ක්ලික් කරන්න

ඩවුන්ලෝඩ් ක්ලික් කිරීමෙන් පස්සේ ඔබට පහත ආකාරයේ ෆයිල් එකක් ඔබේ ඩවුන්ලෝඩ් වේ. දැන් එය රන් කර ඉන්ස්ටෝල්  කිරීම ආරම්භ කළ හැකියි.

දැන් පහත ආකාරයේ windows එකක් දැකගන්න පුළුවන් වේවි. එහි  I Agree ක්ලික් කර ඉදිරියට යන්න

එහි සියලුම දේවල් සිලෙක්ට් කර NEXT ක්ලික් කර ඉදිරියට යන්න.

ඉන්ස්ටෝල් වීම අතරතුර ඔබට පහත ආකාරයේ popup වින්ඩෝ  එකක් දිස්වේ නම් එහි Install ක්ලික් කරන්න. එමගින් ඔබගේ පරිගණකය හා ආර්ඩුයිනෝ IDE එක සම්බන්ධ කෙරෙන USB Drivers පරිගණකට ඉන්ස්ටෝල් වේ.

https://techyone.com/img/soft25.png

දැන් ඔබගේ පරිගණකට ආර්ඩුයිනෝ IDE එක සාර්ථකව ඉන්ස්ටෝල් වී අවසන්. පහත දැක්වෙන වින්ඩෝ එකේ Close ක්ලික් ඉවත් වෙන්න.

දැන් ඔබට එය ඔබගේ පරිගණකයේදී ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් එක භාවිතා කරන්න පුළුවන්. ඔබගේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක මත ඇති ඇයිකනය ක්ලික් කර ඒ වෙත පිවිසෙන්න පුළුවන්.

ආර්ඩුයිනෝ IDE එක භාවිතා කර නිර්මාණය කරන ප්‍රෝග්‍රෑම් වැඩසටහන් sketches කියලා හදුන්වනු ලබයි. මෙම sketches කේතනය කිරීමට නෝට්පැඩ් වැනි text editor එකක් උනත් භාවිතා කළ හැකියි. එම sketches  එකක් සේව් කිරීමේදී file extension එක විදියට .ino ලෙස භාවිතා කල යුතුයි. ආර්ඩුයිනෝ IDE එකේ කේතනය කිරීමේදී ඔබට cutting/pasting/searching/replacing වගේ විශේෂාංග භාවිතා කරන්න පුළුවන්.

message area එකේ ඔබගේ ප්‍රෝග්‍රෑම් එකේ දෝෂ. feedbacks සහ tips වැනි දේවල් පෙන්නුම් කරයි. ආර්ඩුයිනෝ සොෆ්ට්වෙයාර් (IDE), එකේ Console ලෙස දැක්වෙන එකේ සම්පූර්ණ දෝෂ පණිවිඩ විස්තරයක් විදියට දර්ශනය වේ.ආර්ඩුයිනෝ IDE එකේ පහළ දකුණු කෙලවරේ ඔබ භාවිතා කිරීමට පරිගණකයට සම්බන්ධ කර ඇති බෝර්ඩ් එක සහ serial port එක කුමක්ද යන්න දැකගන්න පුළුවන්.

ටූල් බාර් එකේ ඇති බටන් වලින් ඔබගේ sketches එකේ කේත නිවරදිදැයි පරික්ෂා කිරීම, අප්ලෝඩ් කිරීම, කලින් කරන ලද sketch එකක් open කිරිම, සහ සේව් කිරීම, serial monitor එක විවෘත කර ගැනීම. වැනි දේ සිදුකරගන්න පුළුවන්.

Verify - කේත Compile කර එකේ දෝෂ තිබේ දැයි පරීක්ෂා කිරීමට මෙය භාවිතා කරයි.

Upload - ඔබගේ කේත Compile කර බෝර්ඩ් එකට අප්ලෝඩ් කිරීමට භාවිතා කරයි.

New - නව ප්‍රෝග්‍රෑම් එකක් කේතනය කිරීමට sketch එකක් ලබා ගන්න භාවිතා කරයි.

Open - කලින් කේතනය කරන ලද sketch එකක් නැවතත් විවෘත කර ගැනීමට භාවිතා කරයි.

Save - ඔබ කරන ලද sketch එක සේව් කරගන්න මෙය භාවිතා කර‍යි.

Serial Monitor - serial monitor එක විවෘත කරගැනීමට භාවිතා කරයි.

තවත් අමතර commands රැසක් ඔබගේ ආර්ඩුයිනෝ IDE එකේ දැකගන්න පුළුවන්. එහි menus 5ක් දැකගන්න පුළුවන්. File, Edit, Sketch, Tools, Help. මෙම menu වල අඩංගු දේවල් සමග වැඩ කරන ආකාරය ඉදිරි පාඩම් වලදී ඔබට දැකගත හැකිය.

What's Your Reaction?

like
0
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0