Mixly භාවිතයෙන් LED blink code එකක් නිර්මාණය කරමු

අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ Arduino හි පවතින signal වර්ග සහ Mixly Block භාවිතයෙන් LED එකක් Blink කරන්න code කරන ආකාරයයි.

අපි අපේ කලින් පාඩම් වලදී සාකච්ඡා කලා Mixly වල Basic දේවල් ගැන. අපි මෙතනින් ඉදිරියට සාකච්ඡා කරන්නේ මේ Mixly භාවිතා කරලා ප්‍රායෝගිකව වැඩ කරන්නේ කොහොමද කියලා. 

අපි මේ පාඩමේදී ඉගෙන ගන්නේ Mixly Block භාවිතයෙන් LED එකක් Blink කරන්න code කරන විදිහ.

අපි මුලින්ම arduino හි පවතින signal වර්ග ගැන ඉගෙන ගනිමු.

  1. Digital Signal 
  2. Analog Signal

Digital Signal

    

මේ තියෙන්නෙ digital signal එකක් ඔයාලට පේනවා මේ signal එකේ තියෙන්නේ අවස්ථා 2 යි .digital signal එකක තියෙන්න පුලුවන් HIGH එහෙම නැත්තම් 1 කියන අවස්ථාවයි , LOW එහෙම නැත්තම් 0 කියන අවස්ථාවයි පමණයි .

ඉහත ප්‍රස්තාරයෙන් නිරූපණය කරන්නෙ එම අවස්ථා 2 එකදිගට signal එකක් ලෙසට ගමන් කරන අවස්ථාවක්. 

උස් ස්ථාන වලින් 1 අවස්ථාව නිරූපණය කරනවා ඒ වගේම පහත් ස්ථාන වලින් 0 අවස්ථාවත් නිරූපණය කරනු ලබනවා.

Analog Signal  

මේ තියෙන්නෙ Analog signal එකක් මෙතන ඔයාලට පේනවා මේ signal එකේ අගය කාලයත් එක්ක වෙනස් වෙනවා. එනිසා අපිට Analog signal එකක අගය විදිහට ඕනෑම අගයක් ගන්න පුලුවන් . මේ කොලපාට wave එකෙන් පෙන්නලා තියෙන්නේ අපේ Signal එක. 

ක්‍රියාකාරකම 1 - LED Blink

  අපි දැන් අපේ පරිපථය නිර්මාණය කරගනිමු. අපි මෙම පරිපථයේදී භාවිත කරන පින් වනුයේ , 

LED Positive pin  pin 13
LED Negative pin GND pin

   

Block design

දැන් අපි mixly භාවිතයෙන් මේ program එක design කරමු .

Block design explain

මෙම block එක මගින් 13 වෙනි පින් එක HIGH (1) කරනු ලබයි. එවිට එම පින් එකෙන් 5V output කරනු ලබයි.

මෙම block එක මගින් program එක පෙර පියවරේ තප්පරයක (මිලිතප්පර 1000) කාලයක් තබනු ලබයි  
මෙම block එක මගින් 13 වෙනි පින් එක LOW (0) කරනු ලබයි. එවිට එම පින් එකෙන් කිසිම විදුලියක් output නොවේ.
මෙම block එක මගින් program එක පෙර පියවරේ තප්පරයක (මිලිතප්පර 1000) කාලයක් තබනු ලබයි  

මේ program එක එකදිගට loop වෙනකොට තමයි ඔයලට LED එක Blink වෙනවා වගේ පෙනෙන්නේ. 

දැන් ඔයලා මේ program එකේ blink rate එක වෙනස් කරන්න උත්සහ කරල බලන්න. ඔයාලාට එන ගැටලු comment section එකෙන් අපිට එවන්න. අපි ඒවා විසදගන්න උදව් කරන්නම්.

What's Your Reaction?

like
2
dislike
0
love
1
funny
0
angry
0
sad
0
wow
1